සරණක් අවැසි අය හට සරණක් වනු පිණිස

[ Tuesday, June 12, 2012 | 0 comments ]
තෙරුවන් සරණයි

"අසරණ සරණ"  එකමුතුව, හුදෙක්ම අසරණයන්ට පිහිට වීම සදහා ගොඩ නගන ලද එකමුතුවකි.


මෙමගින්, උදව් අවැසි අය හදුනා ගැනීම, උදව් අවැසි අයවලුනට පිහිට විය හැකි සුපින්වතුන් හදුනා ගැනීම හා එමගින් අසරණයන්ට පිහිට වීම සදහා කටයුතු කිරීමට බලා පොරොතු වෙමු.


එසේම මෙහි යම් දැනුම්දීමක් පලකරන විට එම අසරණයන්ට පිහිට විය හැකි අකාරයද දක්වන්නේ නම් පහසුවකි. එනම් බැංකු ගිණුමක් හෝ වැඩිදුර විස්තර ලබා ගැනීමට දුරකථන අංක ඔව්න්ගේ ලිපින ආදී දේවල් වෙයි.


එසේම එවැනි කරුනු සත්‍ය විය යුතු අතර එම කරුනු සත්‍ය බව තහවුරු කර ගැනීමටද හැකි විය යුතුය.


තවද, උදව් කිරීමට කැමති ඇත්තෝ අතර මැදියන් හට ඔව්න්ගේ පරිත්‍යාග දීමෙන් වලකින්න.හැකි හැම විටම එම සරණ ඇවැසි පුද්ගලයාම පමනක් සම්බන්ද කර ගැනීමට උත්සාහ කරන්න.


මෙත් සිත් ඇත්තෝ අප හා එක් වේවා..!

සරණ සරණ පදනම.
Devamını oku »